Tuesday, October 25, 2016

Maanasa


Maanasa K A U Sarathchandra sarnawahini live 2016/10/24

සරත්චන්ද් ර දේශපාලනය අත හරියි







ප්‍රවීන ජෞතිර්වේදී සරත්චන්ද්‍ර මහතා පසුගිය කාලයේ කතා බහට ලක් වුනේ ඔහුගේ විෂය පථයෙන් නම් නෙමෙයි ඒ දේශපාලනය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමෙන්.ඒත් ඔහු මින් ඉදිරියට දේශපාලනය පිළිබඳව අදහස් දැක්වීම නවතා තිබෙනවා.ඔහු පවසන්නේ ඔහු මින් ඉදිරියට ස්වාධීනව කටයුතු කිරීමටතීරණය කර ඇති බවයි.

Sunday, October 23, 2016

ජාතික රූපවාහිනිය යථාරූප වැඩසටහන

https://www.facebook.com/www.maanasa.lk/photos/a.1798509207073642.1073741828.1798468017077761/1808208246103738/?type=3&theater

ජාතික රූපවාහිනිය යථාරූප වැඩසටහන හරහා කරන ලද ක්‍රියාවක් නිසා ඒ පිලිබඳ විවිධ මත සමාජයේ ඇතිවිය. නමුත් සැබෑ සත්‍ය සහ නිර්මල බුදු දහමත්, ජෝතිශ්‍යය ශාස්ත්‍රය වෙනුවෙනුත් මානස ජෝතිශ්‍යය පිටුව පෙනී සිටියෙමු. ෆේස් බුක්හි ව්‍යාජ නම් යොදා ජාතියක් ජන්මයක් නැති වුන් සිය මනෝකල්පිත අන්තගාමී අදහස් පතුරුවමින් වීරයන් වෙන්නට දගලයි. අපි ඔබ ගැන අනුකම්පා කරමු.
බුදු රජාණන්වහන්සේද මෝඩයින්, අනුවනයින් සමග වාද නොකලේය

Friday, October 21, 2016

හේතතුවාදීන් පිරිසක් අතීතයේ සිටම එල්ල කරන පුහු චෝදනා









හේතතුවාදීන් පිරිසක් අතීතයේ සිටම එල්ල කරන පුහු චෝදනා සහ කේන්දර බලා විස්තර කිරීමේ අභියෝගය ජාතික රූපවාහිනියේ යථාරූප වැඩසටහනේදීද ඉදිරිපත් වූ අතර එහි කිසිදු විශ්වාසවන්ත බවක් හෝ විවෘත බවක් නොමැතිව ඒක පාර්ශවිකව ඉදිරිපත් විය. නමුත් K.A.U සරත්චන්ද්‍ර මහතා යම් කොන්දේසි සහිතව අභියෝගය බාරගන්නට සූදානම් වුවත් ඔවුන් දිගින් දිගටම පහර ගසමින් එය ප්‍රතික්ෂේප කලේය. වැඩසටහනේ නිශ්පාදක, නිවේදක ආදී සියල්ලන් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරදිදී ස්වාධීනව අභියෝගයකට මුහුණ දෙන්නේ කෙසේද?

පසුගිය දා ජාතික රූපවාහිණියේ විකාශය වූ යථාරූප වැඩසටහනේ ජෞතිෂ්‍ය සම්බන්ධයෙන් පවතින මිත්‍යාව පිළිබඳව ජ්‍යෙතිෂ විශාරද කේ ඒ යූ සරත්චන්ද්‍ර මහතා reporter වෙබ් අඩවියට අදහස් දැක්වූයේ මෙලෙසයි

පසුගිය දා ජාතික රූපවාහිණියේ විකාශය වූ යථාරූප වැඩසටහනේ ජෞතිෂ්‍ය සම්බන්ධයෙන් පවතින මිත්‍යාව පිළිබඳව ජ්‍යෙතිෂ විශාරද කේ ඒ යූ සරත්චන්ද්‍ර මහතා reporter වෙබ් අඩවියට අදහස් දැක්වූයේ මෙලෙසයි

2016 ඔක්තෝබර් 19 සිට 26 දක්වා ලග්න පලාපල

https://youtu.be/I5_2qS0-Ez4
2016 ඔක්තෝබර් 19 සිට 26 දක්වා ලග්න පලාපල

Wednesday, October 19, 2016

ජෝතිෂ්‍යවේදී K.A.U සරත්චන්ද්‍ර




ජෝතිෂ්‍යවේදී  K.A.U සරත්චන්ද්‍ර වන මා උසස් පෙළ දක්වා කුරුණෑගල හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, ඉන් පසුව පියාගේ අඩි පාරේ යමින් ජෝතිර්වේදය  සඳහා අත් පොත් තබන ලදී. 1983 වර්ෂයේ සිට 1990 තෙක් යුධ සමයේ දී  ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ යෙදුන මා පසුව ඉන් ඉවත් ව 1990න් පසු වකවානුව තුල ඉන්දියාව, එංගලන්තය , කැනඩාව, සෞදි අරාබිය, තුර්කිය වැනි‍ රටවල සංචාරය කළ අතර එම සංචාරය අතරතුර  ඉන්දියාවේ දි ජෝතිෂ්‍යය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ද මට හැකි විය. ඉන්දියානු ප්‍රවීණ ජෝතිර්වේදී ආචාර්ය ගෝපාල් රෙඩ්ඩි ගුරු මහතා යටතේ ජෝතිෂ්‍යය පිළිබඳ ඉහළ අධ්‍යාපනයක් ලැබූ මා එම වකවානුව තුල දී ම B.V. රාමන් මහතා ද අනුගමනය කරමින් බොහෝ උසස් ජෝතිෂ්‍යවේදීන්ගේ අත්දැකීම් ලබා ගෙන මාගේ ජෝතිෂ්‍යය පිළිබඳ දැනුම තව තවත් ඉහළ  නංවා ගතිමි. තවද ඉන්දියාවේ ගත කළ  කාලය තුලදී මා විසින් වේදීය මැණික් ප්‍රතිකාර ක්‍රමය ද ප්‍රගුණ කරන ලදී. 
පසුව 1999 වර්ෂයේ දී ලංකාවට පැමිණි මා, මාගේ ම ව්‍යාපාරයක් ආරම්භ කර පසුව වැඩි ප්‍රසිද්ධියක් නොකොට ජෝතිෂ්‍යය කටයුවල ද නියැලුණෙමි. ඒ අතර කේන්දර බැලීම, නැකත් සෑදීම වැනි කටයුතුවලට අමතර ව සුබසෙත, රිවිරිසි, සම්පත වැනි පුවත්පත් සඳහා ජෝතිෂ්‍ය පිළිබඳ  ලිපි ද ලිව්වෙමි. තව දුරටත් 2007 වර්ෂයේ දි පමණ  ජෝතිෂ්‍ය අධ්‍යාපනය ඉගැන්වීමට කටයුතු කළ අතර එහි දී මානස ගුරු කුලය ආරම්භ කර ශිෂ්‍ය , ශිෂ්‍යාවන් විශාල පිරිසකට ජෝතිෂ්‍යය පිළිබඳ දැනුම ලබා දීමට මා කටයුතු කළෙමි. මාගේ මානස ගුරු කුලය පවත්වා ගනිමින් තවදුරටත් ඉන්දියාවේ පැරණි ජෝතිෂ්‍ය ගුරුකුල සමඟ සම්බන්ධ වී කටයුතු කළ අතර BAVA වැනි ජාත්‍යන්තර ජෝතිෂ්‍ය සමුළු සඳහා ද සහභාගි වුනෙමි.  
මේ අතර 2011 වර්ෂයේ දී විද්‍යුත් මාධ්‍යය හා මුද්‍රිත මාධ්‍යය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට ද මා හට අවස්ථාව උදා වුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවජාතික රූපවාහිනි සේවය, ස්වාධීන රූපවාහිනි  සේවය, දෙරණ, ස්වර්ණවාහිනී , ශ්‍රී ටීවී, චැනල් වන් වැනි මාධ්‍ය  ගණනාවක ජෝතිෂ්‍යය පිළිබඳ වැඩසටහන් රැසකට සහභාගී වු අතර මා විසින් මානස ජෝතිෂ්‍ය සංග්‍රහය නමින් සගරාවක් ඇරඹු අතර එය 2011 සිට 2015 දක්වා මාස් පතා පල විය. දැනට  ස්වර්ණවාහිනී ආයතයේ ජෝතිෂ්‍ය වැඩසටහන් සමඟ මා නිරන්තරයෙන් සම්බන්ධ වී කටයුතු කරන්නෙමි. 2012 වර්ෂයේ දී සංස්කෘතික අමාත්‍යංශයේ රාජ්‍ය අවුරුදු නැකැත් කමිටුවේ සාමාජිකත්වය ද මා හට හිමි වූ අතර 2013 වර්ෂයේ දී ඉන්දියාවේ පැවති South Indian Astrology Association සම්මාන උළලේ දී ජෝතිෂ්‍ය විශාරද ජාත්‍යන්තර උපදේශක සම්මානය ද ලබා ගැනීමට මට හැකි විය. 
ඉන්දියාවේ දී ජෝතිෂ්‍යය පිළිබඳ ව මනා දැනුමක් ලද මා එහි දී වේදිය මැණික්  ප්‍රතිකාර ක්‍රමය ද ඉන්දීය ගුරුකුල තුල දී ප්‍රගුණ කළ අතර ඉන්දියාවේ පැවති වේදිය මැණික්  ප්‍රතිකාර ක්‍රමය ශ්‍රී ලංකාවට හදුන්වා දීමට මූලිකයා වූයේ ද මා බව සතුටින් මතක්  කර සිටිමි. මා හදුන්වා දුන් එම ප්‍රතිකාර ක්‍රමය අද වන විට බොහෝ ජෝතිෂ්‍යවේදීන් අනුගමනය කරනු ලැබීම ආඩම්බරයට කරුණකි. 
තවද මා විසින් රචනා කරන ලද කේන්දර බැලීමේ නිවැරැදි ක්‍රමවේදය නැමති ග්‍රන්ථයේ දෙවන මුද්‍රණය පවා මේ වන විට නිකුත් කර ඇති බව ඔබ සියලුදෙනාට ම සතුටින් දන්වා සිටිමි. ජෝතිෂ්‍යයේ උන්නතිය වෙනුවෙන් ජෝතිෂ්‍යය පිළිබඳ සම්මන්ත්‍රණ රාශියක් මේ වන විටත් දිවයින පුරා සමාජ සත්කාරයක් ලෙස පවත්වා ඇති අතර මානස ගුරුකුලය නමින් නොමිලේ ජෝතිෂ්‍යය පිළිබඳ වැඩසටහන් පවා මාගේ ප්‍රධානත්වයෙන් මේ වන විටත් පවත්වා ඇත.
ස්තූතියි ,

මම
ජෝතිෂ්‍යවේදී ,
ජාත්‍යන්තර  උපදේශක ,
දේශමාන්‍ය,
සාම විනිසුරු ,
K.A.U. සරත්චන්ද්‍ර 
ඔබ සැමට සුභ දවසක් වේවා ! 


ජෝතිෂ්‍යය යනු කුමක්ද ?







ජෝතිෂ්‍යය යනු කුමක්ද ?
මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් කර ගැනීමට පෙර සිට සෘෂිවරුන් විසින් තම තුන් කල් දක්නා නුවණින් යුතු ව මෙලොවට දායාද කළ ඉපැරණිතම ශ්‍රාස්ත්‍රයක් වශයෙන් ජෝතිෂ්‍යය හැදින්විය හැකිය. 
සිද්ධාන්ත, සංහිතා,හෝරා යනුවෙන් ජෝතිෂ්‍යයේ කොටස් ත්‍රිත්වයක් පවතී. ඉතා මැනවින් මෙම ශ්‍රාස්ත්‍රය ප්‍රගුණ කළ අයෙකුට කර්මයට අනුරූපී ව සාදන්නා වූ කේන්දරය තුල ඔවුන්ගේ ඉරණම වෙනස් කිරීමේ හැකියාව ඇත. අඳුරේ යන අයෙකුට  හුළු එළියක් වන් මෙම ජෝතිෂ්‍ය ශ්‍රාස්ත්‍රය කැමති ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි අතර අකමැති අයෙක් වී නම් එය බැහැර කළ යා හැකිය.
යමෙකුට යමක් කිරීමට සුභ වේලාවක් සාදා ගැනීම මෙහි එක් මාර්ගයක් වන අතර අශුභ වේලාවවල තම ප්‍රධාන කටයුතු මඟ හැර සිටීම ජෝතිෂ්‍යය අනුව එක් ලක්ෂණයකි. සෑම කටයුත්තක් සඳහා ම නැකත් බලන්නා මෝඩයෙක් යැයි පැවසීම හුදු සත්‍යතාවක් වන අතර විශේෂ අවස්ථාවකදී පමණක් නුවණැත්තෝ නැකත් බලති. 
නොයෙක් ග්‍රහ පිහිටීම් අනුව එම එක් එක් ග්‍රහයන්ගේ බල දුබලතා ඔස්සේ යමින් ජීවන ගමන් මගේ යම් යම් වෙනස්වීම් කිරීමට මෙම ජෝතිෂ්‍යය තුලින් හැකියාවක් ඇත. ග්‍රහ පිහිටීම් අනුව මිනිසාට ඇති වන්නා වූ රෝග, පීඩා හා වෙනත් ගැටළු දුරු කර ගැනීමට ජෝතිෂ්‍යය තුලින් පිහිටක් ලබා ගත හැකිය. එසේ ම සුභ ග්‍රහයන්ගේ බලය ජෝතිෂ්‍යය මගින් රදා පවත්වා ගනිමින් ඔබට, ඔබේ නිවසට, ආයතනයට, කරන කියන රැකි රක්ෂා කටයුතුවලට සහනයක් ලබා ගැනීමට ද හැකියාව මෙමගින් ඔබට හිමිවේ. 
ජෝතිෂ්‍යය මගින් කර්මයේ දෛවය, චර්යාව හා ආවේගයන්ගේ ගති සංකලන මනාව පැහැදිලි කර ගැනීමට ඔබට පුළුවන. පුද්ගලයාට බලපාන ඉරණම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර එම පුද්ගල ඉරණම කුමක් ද යන්න ජෝතිෂ්‍යය හරහා පෙන්වා දිය හැකිය.
හුදු ජීවන ඵලාඵල කථනයන් පමණක් ජෝතිෂ්‍යයට සීමා කර තැබීම මා අනුමත නොකරන අතර පුද්ගල කර්ම පථයේ විපාක ගලා ඒම පරික්ෂා කොට තම ඉරණම ලියවී ඇති ආකාරය බලා ගැනීම සඳහා ජෝතිෂ්‍යය  යොදා ගත හැක‍.  ජෝතිෂ්‍යය තුලින් කළ යුතු වන්නේ අපගේ ග්‍රහ පිහිටීම් අනුව ඇති බල දුබලතා හදුනා ගනිමින් නිසි පිළිවෙත් සිදු කොට අප හට වැරදුන තැන් සකස් කර ගැනීමය.
ස්තූතියි
ජෝතිෂ්‍යවේදී ,
ජාත්‍යන්තර  උපදේශක ,
දේශමාන්‍ය,
සාම විනිසුරු ,
K.A.U. සරත්චන්ද්‍ර 

ඔබ සැමට සුභ දවසක් වේවා !