Monday, December 19, 2016

Maanasa Astrological Service : Live 2016/12/20 LIVE



Maanasa Astrological Service : Live
ප්‍රවීන ජෝතිර්වේදී K.A.U සරත්චන්ද්‍ර මහතා සහභාගී වන ජෝතිශ්‍යය වැඩසටහන 2016/12/20
LIVE

Thursday, December 15, 2016

සතියේ ලග්න පළාපල 2016.12.14 සිට 2016.12.21 දක්වා ලග්න පලාඵල

විජිතමුනිගේ අනාවැකියට ප්‍රවීන ජෝතිර්වේදී කේ.ඒ.යූ සරත්චන්ද්‍ර මහතාගෙන් අබ...



විජිත රෝහන මහතා සිය මනෝ විකාර තර්ක මත පදනම් වී ජෝතිශ්‍යය ශාස්ත්‍රය විකුර්ති කරමින් පල කරන අදහස් වලට K.A.U. සරත්චන්ද්‍ර මහතා පිලිතුරු දෙයි.කිසිදු සදාචාරයක් නැතුව පුද්ගලයන් විවේචනය කරමින් තමන්ගේ අභිමතය ඉදිරිපත් කරමින් දේශපාලනික මතවාදයක් වෙනුවෙන් පෙනී සිටිමින් විජිත රෝහන කාගේ උවමනාවක් වෙනුවෙන්ද මේ පෙනී සිටින්නේ

Wednesday, December 7, 2016

ලග්න පලාඵල (2016/12/07-2016/12/13 )

මේෂ
ලග්නාධිපති කුජ සමඟ සිකුරු ග්‍රහයා යෝගීව ගමන් කරන මෙම සතිය තරමක් දුරට බාධා ඇති විය හැකි සතියකි. ගෙදර දොර දියුණුව අඩාල වීමට හැකි අතර, සැප පහසුව අඩු වන සතියකි. දියුණුවට බාධා ඇති වන කරදරකාරි සතියක් ලෙස මෙම සතිය පෙන්වා දිය හැකිය. ඉගෙනීමේ කටයුතු වලට බාධා ඇති විය හැකි අතර රැකියාවේ දියුණුවක් පෙන්නුම් කරයි.

වෘෂභ
ලග්නාධිපති සිකුරු සමඟ කුජ ග්‍රහයා නව වැන්නේ ගමන් කරන මෙම සතිය වාසනාවන්ත සතියක් වන අතර, සාමාජිය කටයුතු වල‍ට බාධා ඇති විය හැකි සතියකි. ආදායම් මාර්ග උදා කර ගැනීමට හැකි වුවත් තමා ළඟටම ආ වාසනාව ගිලිහෙන සතියක් ලෙස මෙම සතිය හැදින්විය හැකිය. විදෙස්ගත අයට තරමක් යහපත් සතියකි.

මිථුන
ලග්නාධිපති බුධ තනිව හත් වැන්නේ ගමන් කරන මෙම සතිය ඉගෙනීමට හා ප්‍රේම සබඳත‍ා වලට බාධා ගෙන එන සතියකි. රැකියා කටයුතු වලට යහපත් සතියක් වේ.

කටක
ලග්නාධිපති සඳු අට වැන්නේ ගමන් කරන මෙම සතිය ධනය හීන කරවන ඉගෙනීමට බාධා ඇති විය හැකි සතියකි. පිටස්තර උදවියගෙන් උදව් උපකාර ලැබිය හැකි විවාහ අපේක්ෂකයින්ට තම අරමුණු සාර්ථක කර ගත හැකි සතියකි

සිංහ
ලග්නාධිපති රවි දහ වැන්නේ ගමන් කරන මෙම සතිය බලාපොරොත්තු බිඳලන රෝග පීඩා හා සතුරු කරදර ඇති විය හැකි සතියකි. හවුල් වැඩ වලට බාධා ඇතිවිය හැකිය. පවුල් ප්‍රශ්න පැන නැගෙන ශරීර සෞඛ්‍ය දුර්වල විය හැකි සතියකි.

කන්‍යා
ලග්නාධිපති බුධ හතර වැන්නේ ගමන් කරන මෙම සතිය එතරම් යහපත් නොවන අතර කරදර බාධා ඇති විය හැකි සතියකි. පිටස්තරයන්ගෙන් උදව් උපකාර ලබා ගත හැක. ඉගෙනීමට බාධා ඇති වන ශරීර සෞඛ්‍ය දුර්වල විය හැකි සතියකි

තුලා
ලග්නාධිපති සිකුරු කුජ සමඟ හතර වැන්නේ ගමන් කරන මෙම සතිය සැප පහසුව වැඩි වන රැකියා වල දියුණුව පෙන්නුම් කරන සතියකි. විදෙස්ගත අයට යහපත් වන අතර වියහියදම් අධික සතියකි.

වෘශ්චික
ලග්නාධිපති කුජ තුන් වැන්නේ සිකුරු සමඟ ගමන් කරන මෙම සතිය තමාගේ ගෞරවය රැක ගැනීමට තරමක් වෙහෙස වීමට සිදු වන සතියකි. අවහිර බාධා ජයගෙන ඉදිරියට යා හැකි අතර ධනය පිරිහෙන ගේදොර ප්‍රශ්න ඇති විය හැකි කාලයකි.

ධනු
ලග්නාධිපති ගුරු දහ වැන්නේ ගමන් කරන මෙම සතිය එතරම් දුරට යහපත් නොවන අතර කරදර බාධා ඇති විය හැකි සතියකි. තම ගෞරවයට හානි සිදු විය හැකි අතර දියුණුවට බාධා ඇති වේ. පවුලේ දියුණුව බිඳ වැටීමට ඉඩ ඇත

මකර
ලග්නාධිපති සෙනසුරු ලග්නය දකිමින් කල් ගෙවන මෙම සතිය දියුණුවට බාධා ඇති විය හැකි ධනය හීන වන සතියකි. ආදායම් මාර්ග බිඳ වැටීමට ඉඩ ඇත. ආගම දහමට ලැදිව කල් ගෙවන සතියකි

කුම්භ
ලග්නාධිපති සෙනසුරු දහ වැන්නේ ගමන් කරන මෙම සතිය සමාජය තුළින් උදව් උපකාර ලබා ගත හැකි සතියකි. විවාහ අපේක්ෂකයින්ට තම විවාහයට මඟ පෑදේ

මීන
ලග්නාධිපති ගුරු හත් වැන්නේ ගමන් කරන මෙම සතිය පවුල් ප්‍රශ්න පැන නැගෙන ප්‍රේම සබඳත‍ා වලටද අයහපත් සතියකි. කෙසේ වෙතත් මෙම සතිය සමපලදායක සතියක් බව කිව හැකිය

සතියේ ලග්න පලාපල
ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී, ජාත්‍යන්තර උපදේශක, K.A.U.සරත්චන්ද්‍ර