Monday, December 26, 2016
Thursday, December 22, 2016
Wednesday, December 21, 2016
Monday, December 19, 2016
Maanasa Astrological Service : Live 2016/12/20 LIVE
Maanasa Astrological Service : Live
ප්‍රවීන ජෝතිර්වේදී K.A.U සරත්චන්ද්‍ර මහතා සහභාගී වන ජෝතිශ්‍යය වැඩසටහන 2016/12/20
LIVE
Friday, December 16, 2016
Thursday, December 15, 2016
විජිතමුනිගේ අනාවැකියට ප්‍රවීන ජෝතිර්වේදී කේ.ඒ.යූ සරත්චන්ද්‍ර මහතාගෙන් අබ...
විජිත රෝහන මහතා සිය මනෝ විකාර තර්ක මත පදනම් වී ජෝතිශ්‍යය ශාස්ත්‍රය විකුර්ති කරමින් පල කරන අදහස් වලට K.A.U. සරත්චන්ද්‍ර මහතා පිලිතුරු දෙයි.කිසිදු සදාචාරයක් නැතුව පුද්ගලයන් විවේචනය කරමින් තමන්ගේ අභිමතය ඉදිරිපත් කරමින් දේශපාලනික මතවාදයක් වෙනුවෙන් පෙනී සිටිමින් විජිත රෝහන කාගේ උවමනාවක් වෙනුවෙන්ද මේ පෙනී සිටින්නේ
Wednesday, December 14, 2016
Wednesday, December 7, 2016
ලග්න පලාඵල (2016/12/07-2016/12/13 )
මේෂ
ලග්නාධිපති කුජ සමඟ සිකුරු ග්‍රහයා යෝගීව ගමන් කරන මෙම සතිය තරමක් දුරට බාධා ඇති විය හැකි සතියකි. ගෙදර දොර දියුණුව අඩාල වීමට හැකි අතර, සැප පහසුව අඩු වන සතියකි. දියුණුවට බාධා ඇති වන කරදරකාරි සතියක් ලෙස මෙම සතිය පෙන්වා දිය හැකිය. ඉගෙනීමේ කටයුතු වලට බාධා ඇති විය හැකි අතර රැකියාවේ දියුණුවක් පෙන්නුම් කරයි.
වෘෂභ
ලග්නාධිපති සිකුරු සමඟ කුජ ග්‍රහයා නව වැන්නේ ගමන් කරන මෙම සතිය වාසනාවන්ත සතියක් වන අතර, සාමාජිය කටයුතු වලට බාධා ඇති විය හැකි සතියකි. ආදායම් මාර්ග උදා කර ගැනීමට හැකි වුවත් තමා ළඟටම ආ වාසනාව ගිලිහෙන සතියක් ලෙස මෙම සතිය හැදින්විය හැකිය. විදෙස්ගත අයට තරමක් යහපත් සතියකි.
මිථුන
ලග්නාධිපති බුධ තනිව හත් වැන්නේ ගමන් කරන මෙම සතිය ඉගෙනීමට හා ප්‍රේම සබඳතා වලට බාධා ගෙන එන සතියකි. රැකියා කටයුතු වලට යහපත් සතියක් වේ.
කටක
ලග්නාධිපති සඳු අට වැන්නේ ගමන් කරන මෙම සතිය ධනය හීන කරවන ඉගෙනීමට බාධා ඇති විය හැකි සතියකි. පිටස්තර උදවියගෙන් උදව් උපකාර ලැබිය හැකි විවාහ අපේක්ෂකයින්ට තම අරමුණු සාර්ථක කර ගත හැකි සතියකි
සිංහ
ලග්නාධිපති රවි දහ වැන්නේ ගමන් කරන මෙම සතිය බලාපොරොත්තු බිඳලන රෝග පීඩා හා සතුරු කරදර ඇති විය හැකි සතියකි. හවුල් වැඩ වලට බාධා ඇතිවිය හැකිය. පවුල් ප්‍රශ්න පැන නැගෙන ශරීර සෞඛ්‍ය දුර්වල විය හැකි සතියකි.
කන්‍යා
ලග්නාධිපති බුධ හතර වැන්නේ ගමන් කරන මෙම සතිය එතරම් යහපත් නොවන අතර කරදර බාධා ඇති විය හැකි සතියකි. පිටස්තරයන්ගෙන් උදව් උපකාර ලබා ගත හැක. ඉගෙනීමට බාධා ඇති වන ශරීර සෞඛ්‍ය දුර්වල විය හැකි සතියකි
තුලා
ලග්නාධිපති සිකුරු කුජ සමඟ හතර වැන්නේ ගමන් කරන මෙම සතිය සැප පහසුව වැඩි වන රැකියා වල දියුණුව පෙන්නුම් කරන සතියකි. විදෙස්ගත අයට යහපත් වන අතර වියහියදම් අධික සතියකි.
වෘශ්චික
ලග්නාධිපති කුජ තුන් වැන්නේ සිකුරු සමඟ ගමන් කරන මෙම සතිය තමාගේ ගෞරවය රැක ගැනීමට තරමක් වෙහෙස වීමට සිදු වන සතියකි. අවහිර බාධා ජයගෙන ඉදිරියට යා හැකි අතර ධනය පිරිහෙන ගේදොර ප්‍රශ්න ඇති විය හැකි කාලයකි.
ධනු
ලග්නාධිපති ගුරු දහ වැන්නේ ගමන් කරන මෙම සතිය එතරම් දුරට යහපත් නොවන අතර කරදර බාධා ඇති විය හැකි සතියකි. තම ගෞරවයට හානි සිදු විය හැකි අතර දියුණුවට බාධා ඇති වේ. පවුලේ දියුණුව බිඳ වැටීමට ඉඩ ඇත
මකර
ලග්නාධිපති සෙනසුරු ලග්නය දකිමින් කල් ගෙවන මෙම සතිය දියුණුවට බාධා ඇති විය හැකි ධනය හීන වන සතියකි. ආදායම් මාර්ග බිඳ වැටීමට ඉඩ ඇත. ආගම දහමට ලැදිව කල් ගෙවන සතියකි
කුම්භ
ලග්නාධිපති සෙනසුරු දහ වැන්නේ ගමන් කරන මෙම සතිය සමාජය තුළින් උදව් උපකාර ලබා ගත හැකි සතියකි. විවාහ අපේක්ෂකයින්ට තම විවාහයට මඟ පෑදේ
මීන
ලග්නාධිපති ගුරු හත් වැන්නේ ගමන් කරන මෙම සතිය පවුල් ප්‍රශ්න පැන නැගෙන ප්‍රේම සබඳතා වලටද අයහපත් සතියකි. කෙසේ වෙතත් මෙම සතිය සමපලදායක සතියක් බව කිව හැකිය
සතියේ ලග්න පලාපල
ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී, ජාත්‍යන්තර උපදේශක, K.A.U.සරත්චන්ද්‍ර

Tuesday, December 6, 2016
Monday, December 5, 2016
Tuesday, November 29, 2016
නුතන විද්‍යාව ගැන පමනක් දැනුම ඇති, එහෙත් තමා දන්නා දේ පමනක් හරි යැයි සිතන එම්බීබීඑස් පමනක් ඇති නිකම්ම නිකම් දොස්තර කෙනෙක් ඒකපාර්ශික යතාරූප වැඩසටහනට සහබාගී වී කියන විගග්‍රහයද? ලොව සුපතල මහාචාරය වරියක් ජෝතිශ්‍ය ගැන කියන දේ අතර පරතරය බලන්න. යතාරූප සහ දොරමඩලාව අතර වෙනස
Monday, November 28, 2016

Tuesday, November 22, 2016
Monday, November 21, 2016
Wednesday, November 16, 2016
Tuesday, November 15, 2016
Thursday, November 10, 2016
Wednesday, November 9, 2016
Monday, November 7, 2016
Maanasa Astrological Service : Live ප්‍රවීන ජෝතිර්වේදී K.A.U සරත්චන්ද්‍ර මහතා සහභාගී වන ජෝතිශ්‍යය වැඩසටහන 2016/11/08 LIVE
Maanasa Astrological Service : Live
ප්‍රවීන ජෝතිර්වේදී K.A.U සරත්චන්ද්‍ර මහතා සහභාගී වන ජෝතිශ්‍යය වැඩසටහන 2016/11/08 LIVE
Wednesday, November 2, 2016
Tuesday, November 1, 2016
ශ්‍රීපාදය රැකගන්න.අන්තවාදීන්ට අල්ලන්න දෙන්න එපා

ශ්‍රී පාදය රැක ගැනීමට සැවොම එක්විය යුතු බවත් එය කිසිම විටෙක අන්තවාදීන් වෙත යාමට නොදිය යුතු බවත් ප්‍රවීන ජෞතිර්වේදී සරත්චන්ද්‍ර මහතා පවසනවා.ජනතාව සැවොම එක්වී කෙසේ හෝ සමණල කන්ද බේරා ගත යුතු බවත් ඔහු පවසනවා.
සම්පූර්ණ වීඩියෝව පහලින් සමනල කන්දේ ඔබ නොදත් ඉතිහාසය ගැන දැනගන්න
Monday, October 31, 2016
Wednesday, October 26, 2016
Tuesday, October 25, 2016
සරත්චන්ද් ර දේශපාලනය අත හරියි
ප්‍රවීන ජෞතිර්වේදී සරත්චන්ද්‍ර මහතා පසුගිය කාලයේ කතා බහට ලක් වුනේ ඔහුගේ විෂය පථයෙන් නම් නෙමෙයි ඒ දේශපාලනය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමෙන්.ඒත් ඔහු මින් ඉදිරියට දේශපාලනය පිළිබඳව අදහස් දැක්වීම නවතා තිබෙනවා.ඔහු පවසන්නේ ඔහු මින් ඉදිරියට ස්වාධීනව කටයුතු කිරීමටතීරණය කර ඇති බවයි.
Sunday, October 23, 2016
ජාතික රූපවාහිනිය යථාරූප වැඩසටහන
https://www.facebook.com/www.maanasa.lk/photos/a.1798509207073642.1073741828.1798468017077761/1808208246103738/?type=3&theater
ජාතික රූපවාහිනිය යථාරූප වැඩසටහන හරහා කරන ලද ක්‍රියාවක් නිසා ඒ පිලිබඳ විවිධ මත සමාජයේ ඇතිවිය. නමුත් සැබෑ සත්‍ය සහ නිර්මල බුදු දහමත්, ජෝතිශ්‍යය ශාස්ත්‍රය වෙනුවෙනුත් මානස ජෝතිශ්‍යය පිටුව පෙනී සිටියෙමු. ෆේස් බුක්හි ව්‍යාජ නම් යොදා ජාතියක් ජන්මයක් නැති වුන් සිය මනෝකල්පිත අන්තගාමී අදහස් පතුරුවමින් වීරයන් වෙන්නට දගලයි. අපි ඔබ ගැන අනුකම්පා කරමු.
බුදු රජාණන්වහන්සේද මෝඩයින්, අනුවනයින් සමග වාද නොකලේය

Friday, October 21, 2016
හේතතුවාදීන් පිරිසක් අතීතයේ සිටම එල්ල කරන පුහු චෝදනා
හේතතුවාදීන් පිරිසක් අතීතයේ සිටම එල්ල කරන පුහු චෝදනා සහ කේන්දර බලා විස්තර කිරීමේ අභියෝගය ජාතික රූපවාහිනියේ යථාරූප වැඩසටහනේදීද ඉදිරිපත් වූ අතර එහි කිසිදු විශ්වාසවන්ත බවක් හෝ විවෘත බවක් නොමැතිව ඒක පාර්ශවිකව ඉදිරිපත් විය. නමුත් K.A.U සරත්චන්ද්‍ර මහතා යම් කොන්දේසි සහිතව අභියෝගය බාරගන්නට සූදානම් වුවත් ඔවුන් දිගින් දිගටම පහර ගසමින් එය ප්‍රතික්ෂේප කලේය. වැඩසටහනේ නිශ්පාදක, නිවේදක ආදී සියල්ලන් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරදිදී ස්වාධීනව අභියෝගයකට මුහුණ දෙන්නේ කෙසේද?
Thursday, October 20, 2016
Wednesday, October 19, 2016
ජෝතිෂ්‍යවේදී K.A.U සරත්චන්ද්‍ර
ජෝතිෂ්‍යවේදී
K.A.U සරත්චන්ද්‍ර වන මා උසස් පෙළ දක්වා කුරුණෑගල හුනුමුල්ල
මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, ඉන්
පසුව පියාගේ අඩි පාරේ යමින් ජෝතිර්වේදය සඳහා අත් පොත් තබන ලදී. 1983 වර්ෂයේ සිට 1990 තෙක් යුධ සමයේ දී
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ යෙදුන මා පසුව ඉන් ඉවත් ව 1990න් පසු වකවානුව තුල ඉන්දියාව, එංගලන්තය
, කැනඩාව, සෞදි අරාබිය, තුර්කිය වැනි රටවල සංචාරය කළ අතර එම
සංචාරය අතරතුර ඉන්දියාවේ දි ජෝතිෂ්‍යය
පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ද මට හැකි විය. ඉන්දියානු ප්‍රවීණ ජෝතිර්වේදී
ආචාර්ය ගෝපාල් රෙඩ්ඩි ගුරු මහතා යටතේ ජෝතිෂ්‍යය පිළිබඳ ඉහළ අධ්‍යාපනයක් ලැබූ මා එම
වකවානුව තුල දී ම B.V. රාමන් මහතා ද අනුගමනය කරමින් බොහෝ උසස් ජෝතිෂ්‍යවේදීන්ගේ අත්දැකීම් ලබා ගෙන
මාගේ ජෝතිෂ්‍යය පිළිබඳ දැනුම තව තවත් ඉහළ නංවා ගතිමි. තවද ඉන්දියාවේ ගත කළ කාලය තුලදී මා විසින් වේදීය
මැණික් ප්‍රතිකාර ක්‍රමය ද ප්‍රගුණ කරන ලදී.
පසුව 1999 වර්ෂයේ දී ලංකාවට පැමිණි මා, මාගේ ම ව්‍යාපාරයක් ආරම්භ කර පසුව වැඩි ප්‍රසිද්ධියක් නොකොට ජෝතිෂ්‍යය කටයුවල ද නියැලුණෙමි. ඒ අතර කේන්දර බැලීම, නැකත් සෑදීම වැනි කටයුතුවලට අමතර ව සුබසෙත, රිවිරිසි, සම්පත වැනි පුවත්පත් සඳහා ජෝතිෂ්‍ය පිළිබඳ ලිපි ද ලිව්වෙමි. තව දුරටත් 2007 වර්ෂයේ දි පමණ ජෝතිෂ්‍ය අධ්‍යාපනය ඉගැන්වීමට කටයුතු කළ අතර එහි දී මානස ගුරු කුලය ආරම්භ කර ශිෂ්‍ය , ශිෂ්‍යාවන් විශාල පිරිසකට ජෝතිෂ්‍යය පිළිබඳ දැනුම ලබා දීමට මා කටයුතු කළෙමි. මාගේ මානස ගුරු කුලය පවත්වා ගනිමින් තවදුරටත් ඉන්දියාවේ පැරණි ජෝතිෂ්‍ය ගුරුකුල සමඟ සම්බන්ධ වී කටයුතු කළ අතර BAVA වැනි ජාත්‍යන්තර ජෝතිෂ්‍ය සමුළු සඳහා ද සහභාගි වුනෙමි.
මේ අතර 2011 වර්ෂයේ දී විද්‍යුත් මාධ්‍යය හා මුද්‍රිත මාධ්‍යය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට ද මා හට අවස්ථාව උදා වුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනි සේවය, ස්වාධීන රූපවාහිනි සේවය, දෙරණ, ස්වර්ණවාහිනී , ශ්‍රී ටීවී, චැනල් වන් වැනි මාධ්‍ය ගණනාවක ජෝතිෂ්‍යය පිළිබඳ වැඩසටහන් රැසකට සහභාගී වු අතර මා විසින් මානස ජෝතිෂ්‍ය සංග්‍රහය නමින් සගරාවක් ඇරඹු අතර එය 2011 සිට 2015 දක්වා මාස් පතා පල විය. දැනට ස්වර්ණවාහිනී ආයතයේ ජෝතිෂ්‍ය වැඩසටහන් සමඟ මා නිරන්තරයෙන් සම්බන්ධ වී කටයුතු කරන්නෙමි. 2012 වර්ෂයේ දී සංස්කෘතික අමාත්‍යංශයේ රාජ්‍ය අවුරුදු නැකැත් කමිටුවේ සාමාජිකත්වය ද මා හට හිමි වූ අතර 2013 වර්ෂයේ දී ඉන්දියාවේ පැවති South Indian Astrology Association සම්මාන උළලේ දී ජෝතිෂ්‍ය විශාරද ජාත්‍යන්තර උපදේශක සම්මානය ද ලබා ගැනීමට මට හැකි විය.
ඉන්දියාවේ දී ජෝතිෂ්‍යය පිළිබඳ ව මනා දැනුමක් ලද මා එහි දී වේදිය මැණික් ප්‍රතිකාර ක්‍රමය ද ඉන්දීය ගුරුකුල තුල දී ප්‍රගුණ කළ අතර ඉන්දියාවේ පැවති වේදිය මැණික් ප්‍රතිකාර ක්‍රමය ශ්‍රී ලංකාවට හදුන්වා දීමට මූලිකයා වූයේ ද මා බව සතුටින් මතක් කර සිටිමි. මා හදුන්වා දුන් එම ප්‍රතිකාර ක්‍රමය අද වන විට බොහෝ ජෝතිෂ්‍යවේදීන් අනුගමනය කරනු ලැබීම ආඩම්බරයට කරුණකි.
තවද මා විසින් රචනා කරන ලද කේන්දර බැලීමේ නිවැරැදි ක්‍රමවේදය නැමති ග්‍රන්ථයේ දෙවන මුද්‍රණය පවා මේ වන විට නිකුත් කර ඇති බව ඔබ සියලුදෙනාට ම සතුටින් දන්වා සිටිමි. ජෝතිෂ්‍යයේ උන්නතිය වෙනුවෙන් ජෝතිෂ්‍යය පිළිබඳ සම්මන්ත්‍රණ රාශියක් මේ වන විටත් දිවයින පුරා සමාජ සත්කාරයක් ලෙස පවත්වා ඇති අතර මානස ගුරුකුලය නමින් නොමිලේ ජෝතිෂ්‍යය පිළිබඳ වැඩසටහන් පවා මාගේ ප්‍රධානත්වයෙන් මේ වන විටත් පවත්වා ඇත.

ස්තූතියි ,
මම
ජෝතිෂ්‍යවේදී ,
ජෝතිෂ්‍යවේදී ,
ජාත්‍යන්තර උපදේශක ,
දේශමාන්‍ය,
සාම
විනිසුරු ,
K.A.U.
සරත්චන්ද්‍ර
ඔබ සැමට සුභ දවසක් වේවා !
ඔබ සැමට සුභ දවසක් වේවා !
Labels:
ජෝතිෂ්යසවේදී K.A.U සරත්චන්ද්රහ ව
Location:
Kurunegala, Sri Lanka
ජෝතිෂ්‍යය යනු කුමක්ද ?
ජෝතිෂ්‍යය යනු කුමක්ද ?
මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් කර ගැනීමට පෙර
සිට සෘෂිවරුන් විසින් තම තුන් කල්
දක්නා නුවණින් යුතු ව මෙලොවට දායාද කළ ඉපැරණිතම ශ්‍රාස්ත්‍රයක්
වශයෙන් ජෝතිෂ්‍යය හැදින්විය හැකිය.
සිද්ධාන්ත, සංහිතා,හෝරා යනුවෙන් ජෝතිෂ්‍යයේ කොටස් ත්‍රිත්වයක් පවතී. ඉතා මැනවින් මෙම ශ්‍රාස්ත්‍රය ප්‍රගුණ කළ අයෙකුට කර්මයට අනුරූපී ව සාදන්නා වූ කේන්දරය තුල ඔවුන්ගේ ඉරණම වෙනස් කිරීමේ හැකියාව ඇත. අඳුරේ යන අයෙකුට හුළු එළියක් වන් මෙම ජෝතිෂ්‍ය ශ්‍රාස්ත්‍රය කැමති ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකි අතර අකමැති අයෙක් වී නම් එය බැහැර කළ යා හැකිය.
යමෙකුට යමක් කිරීමට සුභ වේලාවක් සාදා ගැනීම මෙහි එක් මාර්ගයක් වන අතර අශුභ වේලාවවල තම ප්‍රධාන කටයුතු මඟ හැර සිටීම ජෝතිෂ්‍යය අනුව එක් ලක්ෂණයකි. සෑම කටයුත්තක් සඳහා ම නැකත් බලන්නා මෝඩයෙක් යැයි පැවසීම හුදු සත්‍යතාවක් වන අතර විශේෂ අවස්ථාවකදී පමණක් නුවණැත්තෝ නැකත් බලති.
නොයෙක් ග්‍රහ පිහිටීම් අනුව එම එක් එක් ග්‍රහයන්ගේ බල දුබලතා ඔස්සේ යමින් ජීවන ගමන් මගේ යම් යම් වෙනස්වීම් කිරීමට මෙම ජෝතිෂ්‍යය තුලින් හැකියාවක් ඇත. ග්‍රහ පිහිටීම් අනුව මිනිසාට ඇති වන්නා වූ රෝග, පීඩා හා වෙනත් ගැටළු දුරු කර ගැනීමට ජෝතිෂ්‍යය තුලින් පිහිටක් ලබා ගත හැකිය. එසේ ම සුභ ග්‍රහයන්ගේ බලය ජෝතිෂ්‍යය මගින් රදා පවත්වා ගනිමින් ඔබට, ඔබේ නිවසට, ආයතනයට, කරන කියන රැකි රක්ෂා කටයුතුවලට සහනයක් ලබා ගැනීමට ද හැකියාව මෙමගින් ඔබට හිමිවේ.
ජෝතිෂ්‍යය මගින් කර්මයේ දෛවය, චර්යාව හා ආවේගයන්ගේ ගති සංකලන මනාව පැහැදිලි කර ගැනීමට ඔබට පුළුවන. පුද්ගලයාට බලපාන ඉරණම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර එම පුද්ගල ඉරණම කුමක් ද යන්න ජෝතිෂ්‍යය හරහා පෙන්වා දිය හැකිය.
හුදු ජීවන ඵලාඵල කථනයන් පමණක් ජෝතිෂ්‍යයට සීමා කර තැබීම මා අනුමත නොකරන අතර පුද්ගල කර්ම පථයේ විපාක ගලා ඒම පරික්ෂා කොට තම ඉරණම ලියවී ඇති ආකාරය බලා ගැනීම සඳහා ජෝතිෂ්‍යය යොදා ගත හැක. ජෝතිෂ්‍යය තුලින් කළ යුතු වන්නේ අපගේ ග්‍රහ පිහිටීම් අනුව ඇති බල දුබලතා හදුනා ගනිමින් නිසි පිළිවෙත් සිදු කොට අප හට වැරදුන තැන් සකස් කර ගැනීමය.

ස්තූතියි
ජෝතිෂ්‍යවේදී ,
ජාත්‍යන්තර උපදේශක ,
දේශමාන්‍ය,
සාම විනිසුරු ,
K.A.U.
සරත්චන්ද්‍ර
ඔබ සැමට සුභ දවසක් වේවා !
Subscribe to:
Posts (Atom)